මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි… තිදෙනෙකුට තුවාල

වැල්ලම්පිටියේ සිට නුවරඑළියේ සංචාරයක් සදහා එකම පවුලේ පිරිසක් ගමන් ගත් මෝටර් රථයක් (11) දින මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන් එම මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බව වටවල ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පවසනවා.

මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේදි.

මෝටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මව, පියා, දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා ගමන් කර ඇති බවත්, අනතුරින් දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවයි පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

දියණිය විසින් මෝටර් රථය ධාවනය කර ඇති බවත්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධවනය වූ බස් රථයකට ඉඩදීමට යෑමේදි මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි අඩි 20ක් පමණ ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී බවයි පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.