IPL ලබන 17 සිට යළි ඇරඹේ

තාවකාලිකව නතර කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය, ලබන 17 වැනිදා යළි ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, තරග 17 ක් ඉන්දියාවේ ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි, තරගාවලි සංවිධායකයින් පවසන්නේ.

අයි පී එල් හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පසුගිය 9 වැනිදා තාවකාලිකව නතර කෙරුණා. ඒ, ඉන්දියාව සහ පකිස්තානය අතර පවතින ගැටුම් හේතුවෙන්.

ඊයේ තරගාවලියේ සංවිධායකයින් නිවේදනය කළේ, මූලික වටයේ තරග 13 ක් සහ අවසන් වටයේ තරග 4 ක් ලබන 17 වැනිදා සිට පැවැත්වීමට සැලසුම් කළ බවයි.

ඒ අනුව, රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරගය ලබන 17 වැනිදා බෙංගලූරු හිදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 7 වැනිදා පැවැත්වෙනු ඇති.