රටම එකට මෙහෙයුමට තවත් පිරිසක් කොටු

රටම එකට ජාතික මෙහෙයුම යටතේ දිවයින පුරා මත්ද්‍රව්‍ය මැඩලීමේ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඒ යටතේ සිදු කෙරුණු මෙහෙයුම් 1,053 කදී මත්ද්‍රව්‍ය ‍චෝදනා යටතේ පුද්ගලයින් 980 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රාදේශිය වශයෙන් ලැබුණු තොරතුරු මත පදනම්වයි මෙහෙයුම් සිදුකෙරෙන්නේ.

එහිදී හෙරොයින් කිලෝ 3 ග්‍රෑම් 321 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 100 කට අධික තොගයක් සහ ගංජා කිලෝ 54 කට අධික තොගයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් අතරින් 19 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ පසුවනවා. 4 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.