‘කල්මේගි’ ජීවිත 114 ක් ඩැහැ ගනියි

පිලිපීනයට බලපෑ කල්මේගි සුළි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 114 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එරට හදිසි ආපදා තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

මෙම සුළි කුණාටුවෙන් මධ්‍යම පිලිපීනයේ දරුණු ජලගැලීම් සහ ගංවතුර ඇතිවී තිබෙනවා.

පිලිපීනයේ සේබු පළාතේ සියළු නගර ජලගැලීම් වලට ලක්වී ඇති බවයි එරට බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

එම පළාතේ පමණක් මරණ 71 වාර්තා වනවා. අතුරුදන් සංඛ්‍යාව 127 ක්.

පුද්ගලයින් 82 තුවාල ලබා තිබෙනවා. කල්මේගි සුළි කුණාටුව වියට්නාමය දෙසට ගමන් කරන බවයි වාර්තා වන්නේ.

පිලීපීනයේ ප්‍රදේශ රැසක ගංවතුර තවමත් පහව ගොස් නැති බව මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ජනාධිපති බොන්බොන් මාකෝස් එරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, බලධාරීන්ට නියෝග කර ඇත්තේ තවත් ප්‍රබල සුළි කුණාටුවකට සූදානම් වන ලෙසටයි.

එළඹෙන සති අන්තයේදී තවත් ප්‍රබල සුළි කුණාටුවක් එරටට බලපානු ඇති බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කල්මේගි සුළි කුණාටුවෙන් ජනජීවිතයට දැඩි බාධා එල්ල වී ඇති අතර, යටිතල පහසුකම් රැසකට දැඩි හානි වී තිබෙනවා.

නිවාස, රජයේ සහ ව්‍යාපාර ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.