අද මීගමුවෙ කරාම හිස්

මීගමුව ප්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් අද (07) දින ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

මීගමුව ජල සම්පාදන ක්‍රමයේ පෙරියමුල්ල ජල කුලුනෙහි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෙ.ව.9.00 සිට ප.ව 9.00 දක්වා කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

ඒ අනුව ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශ පහතින්,

පෙරියමුල්ල, එත්තුකාල, කුඩා පාඩුව, දළුපොත, කට්ටුව, ලෙවිස් පෙදෙස, සෙල්ලකන්ද පාර, වැල්ල වීදිය