2026 අයවැය යෝජනා පහතින්,
- ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනයට
- ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක්…
- 2028 වන විට ණය ගෙවිය හැකි ආර්ථිකයක්
- අධිකරණ නිලධාරීන් සඳහා ආචාර ධර්ම පද්ධතියක්…
- වාහන ආනයනයට අ.ඩො.මි 1,933ක ණයවර ලිපි විවෘත කෙරේ…
- නව තීරුබදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට ජාතික වෙළෙඳ කවුළුවක්…
- ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම සඳහා ජාතික මට්ටමින් නවීන හා තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක්…
- අපනයන විවිධාංගීකරණය මඟින් ඉහළ ආදායමක්…
- විදේශ ඉපයීම් ඉහළට ගියද වාහන ආනයනය බාධා ඉවතට
- ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්
- විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
- ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
- බහුවිධ ණය පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 80,000 ක්
- කෘෂිකාර්මික ණය ලබාදීමට රුපියල් මිලියන 1500ක්
- ජලය ආශ්‍රිත සංචාරක කර්මාන්ත ප්‍රවර්දනයට රුපියල් මිලියන 3500ක්.
- බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ ආකර්ශනීය ස්ථානයක් බවට පත්කිරීමට කටයුතු කරනවා.ඒ සඳහා රුපියල් මිලියන 2500ක් යොදා ගැනීමට යෝජනා කරනවා.
- සංචාරක නිපුණතා වෘත්තිකයන් බිහිකිරීම සඳහා රුපියල් මිලියනන 500ක්
- අභ්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000ක්.
- රාජ්‍ය ආයතන ගෙවීම් විධිමත් කිරීම සඳහා ගව්පේ විධිමත් කිරීම.
- 2026 මාර්තුවේ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කරනවා.
- හපුතලේ ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට පියවර
- මුදල් නෝට්ටු රහිත සමාජයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සියලු ගෙවීම් online කිරීමට කටයුතු කරනවා
- Al දත්ත මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා දිරි ගැන්වීම්.
- ඩිජිටල් සන්නිවේදන කුළුණු සඳහා වසර පහක බදු සහන ලබා දෙනවා.
- ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රුපියල් මිලියන 6500ක්.
- ආබාධිත දරුවන්ට අනෙක් දරුවන් සමගම අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලබා දීම.
- රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්‍රජාවෙන් බඳවා ගන්නවා.
- කුඩු මුලිනුපුටා දැමීමේ ජාතික මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2000ක්.
- අස්වැසුම් පවුල්වල දරුවන්ට අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් වව්චර් පත්
- වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11000ක්.
- මහපොළ ශිෂ්‍යාධාර දීමනාව 2500 කින් වැඩි කරනවා.ඒ අනුව මහපොළ දීමනාව රුපියල් දස දහස දක්වා වැඩි කරනවා. ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 9000 දක්වා වැඩිවෙනවා.
- අඩු ආදායම් ලාභී උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට රුපියල් 5000 දීමනාවක්.
- මූලික රෝහල් අසූ දෙක වසර පහකින් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 31000ක්.
- ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආරෝග්‍ය මධ්‍යස්ථාන ස්ථාපනයට රුපියල් මිලියන 1500ක්
- අඩු ආදායම්ලාභී තැලසීමියා රෝගීන්ට රුපියල් දස දහසක මාසික දීමනාවක්.
- පාර්මේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන සඳහා රුපියල් මිලියන දහයක්.
- ප්‍රජා සංවර්ධන සභා පිහිටුවමින් ගම සංවර්ධනය සඳහා රුපියල් මිලියන 20750ක්
- වතුකම්කරු දවිමක වැටුප වැටුප 2026 ජනවාරි සිට රුපියල් 1550 දක්වා ඉහළ දමන්නට යෝජනා කරනවා. ඊට අමතරව රජයේ විසින් දිනකට රුපියල් 200ක පැමිණීමේ දීමනාවක් ලබා දෙනවා.
- ක්‍රීඩා සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 800 ක්.
- චීන ආධාර යටතේ ඉදි කෙරෙන නිවාස ව්‍යාපෘතියෙන් මාධ්‍යවේදීන්ට නිවාස
- ජන මාධ්‍යකරුවන්ගේ කුසලතා ඔප්නංවීම සඳහා රුපියල් මිලියන 100ක්
- විදුලි වැට ඉදිකිරීම් කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
- ලොකු ලූනු අර්තාපල් වැනි ආහාර භෝගවල ගබඩා පහසුකම් දියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්
- දඹුල්ල ශීතාගාරයේ සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනයට රුපියල් මිලියන 250ක්
- 2030 වන විට කිරි අවශ්‍යතාවයෙන් සියයට 75 ක් දේශීයව සපුරාලීමේ ඉලක්ක සඳහා ජාතික වැඩසටහනක්
- මිල්කෝ බඩල්ගම කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 3000ක්.
- උතුරු පොල් ත්‍රිකෝණය කටයුතු සඳහා රුපියල් මිලියන 600 ක්
- අක්කර පහට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමේ වැඩසටහනක් සඳහා රුපියල් මිලියන2500ක්
- ධීවර වරාය කිහිපයක් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 300ක්
- වාලච්චේන ධීවර වරායේ වැඩිදියුණු කිරීම් සඳහා මිලියන 350ක්.
- ධීවර ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට මිලියන 100ක්.
- චන්ද්‍රිකා තාක්ෂණයෙන් මත්ස්‍යයින් සිටින තැන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළට මිලියන 100ක්.
- වාරි කර්මාන්තය නගා සිටුවීමට මිලියන 91700ක්
- දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති වලට මිලියන 85700ක්
- දුම්රිය සේවයට නව ඩීසල් බලවේග කට්ටල පහක් ලබා ගැනීමට රුපියල් මිලියන 3300 ක්
- පෞද්ගලික අංශයේ ප්‍රවාහන සේවා සපයන්නන් වෙත රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන
- මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 34200ක්. මධ්‍යම අධිවේගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා ඉදිකිරීම් වලට රුපියල් මිලියන 10500ක්
- රුවන් පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සඳහා මිලියන 1500ක්
- සමුද්‍රීය මාර්ගය වැඩිදියුණු කිරීමේ ශක්‍යතා අධ්‍යයනය සඳහා මිලියන 330 ක්.
- රජයේ ආයතන විසින් ඉදිකර අතහැර දමා ඇති ඉදිකිරීම් 2700 ක් ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා කවුරුවත් සැලසුම්
- වරාය මෙහෙයුම් ඩිජිටල්කරණයට
- යාපනය ඇහැලියගොඩ මඩකලපුව හලාවත මාතර ඇතුළු හඳුනාගත් නගර දහයක් සංවර්ධනයට සක්‍යතා අධ්‍යයනයට රුපියල් මිලියන 2000ක්
- ඝන අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන සඳහා මිලියන 900ක්.
- රාජ්‍ය සේවයට 75000 ක් නිසි ක්‍රමවේද යටතේ බඳවා ගැනෙයි.
- රාජ්‍ය ආයතන වල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන දහසක්
- රාජ්‍ය ආයතන වෙත සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධුර කාලයේ අවසානයේ යලි භාරදීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 12500ක්.
- ලංකා සීනි පෞද්ගලික සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 10ක හිඟ සේවක අර්ථ සාධක අරමුදල් ඇතුළු දීමනා ගෙවීම සඳහා රුපියල් මිලියන 5000ක්
- රාජ්‍ය සේවක සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගැටලු විසඳීමට වැටුප් හා විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපිත කෙරේ.
- 2016 ජනවාරි එක දින සිට රාජ සේවයට බැඳුණු නිලධාරීන්ගේ පත්වීමේ ලිපිවල විශ්‍රාම වැටුපිටිපාම පිළිබඳ සඳහන් වගන්තිය ඉවත් කර පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුර කරයි
- රාජ්‍ය සේවක වැටුප් සංශෝධන දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110 ක්
- රජයේ සේවකයන්ට ලබා දුන් දේපල ණය නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ පනහ දක්වා ලබා ගැනීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 500ක්
- රාජ්‍ය සේවකයන්ගේ ආපදා ණය ගෙවීම් කාර්යක්ෂම කිරීම සඳහා රුපියල් මිලියන දස දහසක්
- විදුහල්පති දීමනාව රුපියල් 1500කින් වැඩි කරයි.
- දුම්රිය ගේට්ටු මුරකරුවන් සඳහා දැනට ගෙවන රුපියල් 7500ක මාසික දීමනාව රුපියල් 15000 දක්වා වැඩි කරයි.
- සුදුසුකම් සපුරා ඇති මාස හයකට වැඩි කාලයක් රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු තාවකාලික අනියම් ආදේශක කොන්ත්‍රාත් සහ සහන පදනම මත සිටින සේවකයන් ස්ථිර කරයි.
- 2025 සැප්තැම්බර් 30 වන විට ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ ගණන ලක්ෂ තුනකින් ඉහළට