දුර ගමන් සේවා බස් රථ විශේෂ පරීක්ෂාවකට

දුර ගමන් සේවා බස් රථ පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, වැඩබලන පොලිස්පතිවරයා, ඒ පිළිබදව සියලුම පොලිස්ථාන වෙත දැනුම් දී ඇති බවයි.

රාත්‍රී කාලයේ දුර ගමන් බස් රථ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

බීමත්ව රිය පැදවීම, මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවීම, අපරීක්ෂාකාරී හා අන්තුරුදායක ලෙස රිය පැදවීම යන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා විශේෂ යතුරුපැදි සංචාරක ඒකකවල සහය ලබා ගැණෙවා.

දුර ගමන් සේවා බස් රථ අනතුවලට ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.