ජීවිතයක් මරු කටින් බේරා ගත් පොලිස් විරුවන්

ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයෙකු දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.

ඒත්තුකාල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 40868 සිල්වා, පොලිස් කොස්තාපල් 102653 ශරෝන් හා පොලිස් කොස්තාපල් 106976 සමිත යන නිලධාරීන් විසින් එම පුද්ගලයා බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබාදී ඇත.

බේරාගත් පුද්ගලයා වයස අවුරුදු 56 ක් වන ගම්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම අවස්ථාවට අදාල ඡායාරූපයක් මේ සමඟ ඔබවෙත යොමු කරමි.