අසේලපුර කුරුළුබැද්ද මාර්ගයේ අසේලපුර ප්‍රදේශයේදී ඊයේ (08) දින සවස් කාලයේ කුරුළුබැද්ද දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක මාර්ගය හරහා ගමන් කළ දරුවෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ එම දරුවා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 08 ක් වූ අසේලපුර ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
මෘත ශරීරය වැලිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
වැලිකන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
