අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක්

රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධ ආයුර්වේද වෛද්‍ය පීඨවල පවතින ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක්, පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල දේශීය වෛද්‍ය උපාධි පාඨමාලාවලට අදාළ රසායනික පුහුණුව විධිමත් කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. ආයුර්වේද, සිද්ධ හා යුනානි සිසුන්ගේ සීමාවාසික පුහුණුව, දේශීය වෛද්‍ය පාඨමාලා හැදෑරූ සිසුන් රැකියා සඳහා යොමු කිරීම සිද්ධ වෛද්‍ය විද්‍යාවේ ඖෂධ පිළිබ ද ගැටලු විමසා බැලීම ආදී කරුණු කිහිපයක් ප්‍රමුඛ කොටගෙන මෙම සාකච්ඡාව සිදුකෙරුණා. අමාත්‍යවරයා විසඳුම් ලබාදිය හැකි ගැටලු රැසක් සඳහා නිලධාරීන් සමග සාකච්ඡා කර එම අවස්ථාවේදීම විසඳුම් ලබාදීමටයි පියවර ගත්තේ. තවත් ගැටලු ගණනාවක් සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ඇති හැකියාව පිළිබඳවද  සොයා බැලුණා. සාකච්ඡාවට එක් වූ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සිය අදහස් හා යෝජනා අමාත්‍යවරයා වෙත ඉතා සුහදව ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම විශේෂත්වයක්.