උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අපොස උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,362කදි අද ආරම්භ වුණා.  එය, දෙසැම්බර් 05 දක්වා පැවැත්වෙනවා.

මෙවර විභාගයට අපේක්ෂකයන්  තුන් ලක්ෂ හතලිස් පන්දහස් පන්සිය විසිපස් දෙනෙකු පෙනී සිටිනවා. පාසල් අයඳුම්කරුවන් දෙලක්ෂ හතලිස් හයදහස් පන්සිය විසි එක්දෙනෙකු සහ පෞද්ගලික අයඳුම්කරුවන් අනු හතරදහස් හතර දෙනෙකු ඊට ඇතුළත්.

විභාගය පැවැත්වෙන දිනයන්හි විශේෂ ගාස්තු යටතේ සිසු සැරිය ප්‍රවාහන සේවාව යොදවන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ. චන්ද්‍රපාල මහතා  පවසනවා.