මිනුවන්ගොඩ, අළුතැපොල වලගම්බා විදුහල් ක්‍රීඩාංගණයේ ඊයේ (09) පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතරතුරදී සිදු වූ අනතුරකින් ක්‍රීඩකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී,මියගොස් ඇති බවට ලද පණිවිඩයක් මත මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 41ක්වූ පළුගහවෙල, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
තරඟය අතරතුර උඩපන්දුවක් රැකීමට යෑමේදී දෙදෙනෙකු එකිනෙකාගේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය මිනුවන්ගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
