බීබීසී ලෝක සේවයේ අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්රවෘත්ති ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රෙක්ෂකයින් නොමග යැවීමේ චෝදනා හේතුවෙන්.
2021 වසරේ අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කථාවක් සංස්කරණය කිරීමේදී එය ජනතාව නොමග යන ආකාරයේ සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දෝෂාරෝපණ එල්ල වී තිබෙනවා.
බීබීසී ‘පැනොරාමා’ නමැති වැඩසටහනේදී ජනාධිපතිවරයාගේ කථාවක් සංස්කරණය කර ඇත්තේ, ඔහු විසින් ජනතාව උසිගැන්වීමේ අරමුණින් සිදු කරන ලදැයි හැඟී යන ආකාරයෙන්.
නමුත්, එහිදී ජනාධිපතිවරයාගේ කථාව ආරම්භයේ සහ අවසානයේ කොටස් දෙකක් එකතු කර වැරදි අර්ථදැක්වීමක් වන පරිදි එය සංස්කරණය කර ඇති බවයි හෙළි වී ඇත්තේ.
මෙම වරද හේතුවෙන් තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවයි බීබීසී අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
එසේම, බීබීසී ප්රවෘත්ති ප්‍රධානි ඩෙබෝරා ටර්නස්ට එල්ලවී ඇති චෝදනාව වන්නේ, ප්රවෘත්ති පක්ෂග්රාහී සහ ව්‍යාජ ඒවා බවටයි.
