ඉන්දියාවේ ඛේදවාචකය… මිය ගිය පිරිස ඉහළට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රතු බලකොටුව අසල සිදුවූ ප්‍රබල පිපිරීමකින් මියගිය පිරිස 10 දක්වා ඉහල ගොස් තිබෙනවා.

පිපිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කරන්නේ, පිපිරීම සම්බන්ධයෙන් සියලු කරුණු විමර්ශනය කරන බවයි.

ඊයේ සවස ඉන්දීය වේලාවෙන් 06:52 ට පමණ රතු බලකොටුව අසල සෙමින් ධාවනය කෙරුණු මෝටර් රථයක් නතර කරනවාත් සමග පිපිරීම සිදුවූ බවයි ඉන්දීය පොලිසිය පවසන්නේ.

එහි පුද්ගලයින් 3 දෙනෙකු සිට ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා.

පිපිරීම සිදුවූ වාහනයේ ගමන්තය සොයා ගැනීමට සීසීටීවී දර්ශනමගින් හැකි වූ බව විමර්ශකයින් පවසනවා.

ඇතැම් වාර්තාවල සඳහන් වන්නේ පිපිරීම සිදුවීමට පෙර වාහනය රතු කොටුව ආසන්නයේ රථ ගාලක පැය කිහිපයක් නතර කර ඇති බවයි.

පිපිරීමත් සමග ගින්නක් හටගත් අතර, තවත් වාහන රැසක් මුළු මනින්ම විනාශ වී තිබෙනවා.