පුංචි යෞවනියන් මැලේසියානුවන් දණ ගස්වයි

මැලේසියානු ජාතික කාන්තා කණ්ඩායම සමග පැවති 20-20 ක්‍රිකට් තරගාවලිය, තරග 5 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා කණ්ඩායම සමත් වුණා.

5 වැනි තරගය ඊයේ පැවැත්වුණේ, කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් මැලේසියානු කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක්දැවී ලකුණු 82 ක් රැස් කළා.

මාරියා ඉසාටි ලකුණු 36 යි. පන්දු යැවීමේදී අ‍සේනි තල‍ගුණේ, කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ, පන්දුවාර 13 යි පන්දු 5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 86 ක් රැස් කරමින්.

සංජනා කාවින්දි ලකුණු 45 යි. මනුදි නානායක්කාර නොදැවී ලකුණු 24 ක් රැස් කළා.