අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
මේ අනුව, උසස් පෙළ වෘත්තිය විෂය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අයඳුම්පත් කැඳවා තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටින්නේ වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදි අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකා නොලබන බවයි.
ඊට අදාළ පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයඳුම්පත අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ බාගත කරගත හැකියි.
