බෝම්බයක් පිපිරීමෙන් 4ක් මරුට

පකිස්ථානයේ නිරිත දිග ප්‍රදේශයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් අසලදී කාර් බෝම්බයක් පුපුරා යාමෙන් සිව් දෙනෙකු මිය ගොස් තිබෙනවා.

20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

බලුචිස්තාන් ප්‍රදේශයේ ජනාකීර්ණ වෙළෙඳපොළක් ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බව, ආරක්‍ෂක ප්‍රධානීන් ප්‍රකාශ කරනවා.

එම ප්‍රදේශය පිහිටා තිබෙන්නේ, ඇෆ්ගනිස්ථානයට මායිම්වයි. ප්‍රහාරයෙන් සාප්පු කිහිපයකට සහ ආර‍ක්‍ෂක අංශ හමුදා රැඳී සිටි ගොඩනැගිල්ලකට ද හානි සිදුව ඇති බව, වාර්තා වනවා.

මෙතෙක් කිසිඳු පාර්ශ්වයක් වගකීම බාර නැහැ. පුපුරා ගිය මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍ය රැසක් ගබඩා කර තිබූ බවයි, මූලික පරීක්‍ෂණ වාර්තාවලින් හෙලි වී ඇත්තේ.

මිය ගිය සියලු දෙනා සිවිල් වැසියන් වනවා.