අධිවේගි මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් අද සිට

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.‍

එම අමාත්‍යංශය පවසන්නේ, දක්ෂිණ අධිවේගි මාර්ගය, කොළඹ කටුනායක අධිවේගි මාර්ගය හා මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම කුරුණෑගල කොටසේ පිටවීමේ ගේට්ටු වලදි කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බවයි.

අන්තර් හුවමාරු 35 ක් හා පිටවිම් ගේට්ටු 119 ක් තුළ සේවා පහසුකම් ලබාදීමට නිලධාරී මඩුල්ල පුහුණු කර අවසන් බවද වැඩිදුරටත් පෙන්වා දෙනවා.