වාහන 3ක් එකිනෙක ගැටී මාරක අනතුරක් – පුද්ගලයෙකු මරුට

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයයට අයත් තෙලුල්ල ප්‍රදේශයේ දී සුඛෝපභෝගි බස් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව යතුරුපැදිකරු මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ, තිස්සමහාරාමය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන තරුණයෙක් වන අතර ඔහු සිය මිතුරා සමඟ තිස්සමහාරාම සිට කරදගොල්ල ප්‍රදේශයේ සුරතල් බලු පැටවෙකු මිලදී ගැනීම සදහා යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබුණා.

තුවාල ලැබූවන් අතර බස් රථයේ කොන්දොස්තරවරයා,යතුරු පැදියේ පසුපැදිකරු සහ මෝටර් රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් කාන්තාවක සිටින බවයි කුඩාඔය පොලිසිය පැවසුවේ.

මෝටර් රථයේ රියදුරුගේ අපරික්රිෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර අනතුර සම්බධයෙන් ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.