දෙසැම්බර් 16 දක්වා කල්දැමුණු තෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අද (16) ආරම්භ වනවා.
අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑමට ලක්වූ ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත් තුනේ පාසල් 640ක් අද විවෘත වන්නේ නැහැ.
පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණත් දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එය දෙසැම්බර් 16 දක්වා කල්දැමීමටයි බලධාරීන් පියවර ගත්තේ.
ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර , උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල පාසල් අද ආරම්භ කෙරෙනවා.
අද ඇරඹෙන පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන අතර දෙසැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 28 දක්වා නත්තල් නිවාඩු සමය ක්‍රියාත්මකයි.
තෙවැනි වාරයේ තෙවැනි අදියර සඳහා නැවත පාසල් දෙසැම්බර් 29 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 31 වැනිදා දක්වා පවත්වා පාසල්වල තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
