ක්‍රිකට් ඉතිහාසයේ තවත් පරිච්ඡේදයක් නිමා විය

ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම (1982) නියෝජනය කළ හිටපු පාදඟ පන්දු යවන්නෙකු වූ ඩී.එස්. ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මහතා ලන්ඩනයේ දී ආභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළ ඔහු අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවුණා.

මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් සේවයක් ඉටු කළ ක්‍රීඩකයෙක් මෙන්ම පරිපාලක නිළධාරියෙක්ද වනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ජාතික කණ්ඩායමේ පළමු කණ්ඩායමට අයත් ක්‍රීඩකයෙකු වන ඩී.එස්. ද සිල්වා මහතා ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරා තිබෙනවා.