බුත්තලදී දරුණු අනතුරක්

වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්‍රදේශයට අයත් උනාවටුන ප්‍රදේශයේ දී ටිපර් රථයක් සහ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදි දෙකෙහි ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් පසුව මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ හොරබොක්ක සහ බිබිළ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු වන අතර අනතුර සම්බධයෙන් ටිපර් රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.