රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ චර්කාසි නගරයේ ප්‍රධාන විදුලි උපපොළක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා.
යුක්රේනයේ හමුදාව පැවසුවේ ප්‍රහාරයට “ගෙරන් 02” වර්ගයේ ඩ්‍රෝන යානා භාවිතා කර ඇති බවයි.
බොහෝ ප්‍රදේශවල විදුලිය විසන්ධි වී තිබෙනවා. ගින්න මැඩපැවැත්වීමට සහ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහන සේවා කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
චර්කාසි යුක්රේනයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි වැදගත් නගරයක්.
එය මෑත කාලීනව රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබෙනවා.
ප්‍රාදේශීය හමුදා පරිපාලන ප්‍රධානීයා ප්‍රකාශ කළේ ප්‍රහාරයට ඩ්‍රෝන දෙකක් යොදාගෙන ඇති බවයි. ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.
මීට අමතරව සිවිල් යටිතල පහසුකම් වලට සහ නේවාසික හා නේවාසික නොවන ගොඩනැගිලිවලටද හානි වී තිබෙනවා.
