ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව, ඉන්දීය “වයෝන්” පුවත් සේවය වාර්තා කරනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පසු, ශ්‍රී ලංකාව යථා තත්වයට පත් වෙමින් තිබෙන මේ අවස්ථාවේ අමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය විශේෂත්වයක් බවයි එම පුවත් සේවය සඳහන් කරන්නේ.
ඉකුත් නොවැම්බර් 27 වැනිදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හමුවේ විපත පත් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය විසින් දක්වන ලද කඩිනම් සහ පුළුල් මානුෂිය මෙහෙයුමෙන් පසු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා එළඹෙන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි.
“සාගර් බන්ධු” මෙහෙයුම ආරම්භ කරමින් ආපදාවට පත් ශ්‍රී ලංකාව වෙනුවෙන් මානුෂිය ආධාර සහ කඩිනම් සහන ද්‍රව්‍ය පමණක් නොව ගුවන් යානා මෙන්ම නාවික යාත්‍රා සහ සොල්දාදුවන්, නිලධාරින් ඇතුළු තාක්ෂණික සහය ලබා දෙමින් ඉන්දීය රජය තම අසල්වැසි රාජ්‍ය වෙනුවෙන් අඛණ්ඩ සහයෝගය දැක්වූවා.
