
පැරණ්නන් මනා සවි ශක්තියෙන් නීරෝගි කයකින් යුතුව කල් ගෙව්වා. ඒ් පැවති ආහාර රටාව නිසාවෙන් , විදේශීය ආටෝප ආහාර රටා හමුවේ ක්‍රමයෙන් දේශීය ආහාර පරිභෝජනයෙන් දුරස් වුනා. ක්ෂණීක ආහාර රටාවන්ගේ ග්‍රහණයට ලක් වුනා.
දිව්‍යමය ඔසු බඳු වූ දේශීය ආහාර වර්ග අතරින් අල වර්ග විශේෂිතයි. රාජඅල, හිඟුරල,හුළංකීරිය,ඉන්නල , කුකුළල වැනි දේශීය අල වර්ග රාශියක් බහුලව පැවැති මේ රටේ අද අල යැයි කියූ සැණින් මතකයට එන්නේ අර්තාපල්ය. එය ඒ තරමට සාමාන්‍යකරණය වෙලා.
දේශීය ආහාර වලින් ඈත් වූ අපි වයස් සීමාවක් නැතුව ලෙඩ රෝග වලට ගොදුරු වෙලා. ළමා වයසෙ අයට පවා රෝහල්වල ළගින්නට සිදු වෙලා .
මේ තත්ත්වය හමුවේ දැන් දැන් දේශීය ආහාර කෙරෙහි ජනතාව අවධානය යොමු කර තියෙනවා. පවතින ඉල්ලුමත් සමග දිව්‍යමය ඖෂධ ලෙස සැලකෙන අල වර්ග බොහොමයක් නගරවල බහුලව අලෙවියට තබා ඇති බව දක්නට ලැබෙනවා.