මහ බැංකුව පොලී අඩු කරයි

ශ්‍රී ලංකා මහා බැංකුව එක් දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය, තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි, මහා බැංකුව නිවේදනය කරන්නේ.

ඒ අනුව එක්දින පොලී අනුපාතිකය සියයට 7.75කට පදනම් අංක 25 කින් අඩු කර තිබෙනවා.

දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි, ‍මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ.

ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අවම උද්ධමන බලපෑම් මධ්‍යයේ උද්ධමනය සියයට 5 ක ඉලක්කය කරා ළඟා වීමට සහයවනු ඇති බව, මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විශ්වාස කරනවා.