ඌව පළාතේ අම්පාර , මඩකලපුව, මාතලේ, නුවරඑලිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු පළාතේත්, මහනුවර, අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. සබරගමුව පළාතේත්, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
එම ප්‍රදේශයන්හි ඇතැම් ස්ථාන වෙත මිලිමීටර 50 කට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරෙනවා.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ යන පළාත්වලත්, හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් වරින් වරපැයට කිලෝමීටර 40 ක පමණ තරමක තද සුළං හටගත හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.
මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක ද වැසි අපේක්ෂා කෙරෙනවා.
කළුතර සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි.
කොළඹ සිට පුත්තලම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වරින් වර රළු වනු ඇතැයිද කාලගුණ නිවේදනයේ සඳහන්.
