ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

ගිනි අවි චෝදනාවක් මත අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍යවරයෙකු වූ ඩග්ලස් දේවානන්දා මහතා අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පද්මා අමරතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේවානන්දා මහතා ජනවාරි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.