
මහජන හදිසි අවස්ථා තත්ත්වය සැලකිල්ල ගෙන නිකුත් කර තිබූ හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (28) නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මේ මහජන හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.