“රටම එකට” ජාතික මෙහෙයුම උතුරු පළාත් වැඩසටහන අද යාපනයේදී

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර රටින් මුලිනුපුටා දැමීමේ අරමුණින් දියත් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහන අද (16) යාපනය, තාක්ෂණ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේ දී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

“රටම එකට” ජාතික මෙහෙයුමේ සමාරම්භක වැඩසටහන 2025 ඔක්තෝබර් 30 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු අතර එහි දකුණු පළාත් වැඩසටහන 2025 නොවැම්බර් 20 දා තංගල්ලේ දී පැවැත්වුණා.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අවශ්‍යතාව පිළිබඳව උතුරු පළාතේ ජනතාව දැනුවත් කිරීමත්, “රටම එකට” ජාතික මෙහෙයුම තුළින් ඉටු කරන සුවිශේෂී කාර්යයභාරය පැහැදිලි කරමින් උතුරු පළාතේ මහජනතාවගේ හා අදාළ සියලු පාර්ශ්වයන්ගේ සාධනීය දායකත්වය මෙම මෙහෙයුම වෙනුවෙන් ලබා ගැනීමත් අද (16) පැවැත්වෙන උතුරු පළාත් වැඩසටහන තුළින් අපේක්ෂා කෙරෙනවා.