ලොවක් සිනහා ගැන්වූ ඇය දිවි ගමනය සමුදෙයි

ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 71වන වියේ පසුවුණා.

හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි ඇගේ නිවසේදීම ඇය මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඇමරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූයේ ඇයයි.