ලෝක තෙත් බිම් දිනය අදයි

ලෝක තෙත් බිම් දිනය අද (02) දිනට යෙදී තිබෙනවා.

1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට එළඹුනු අතර ශ්‍රී ලංකාව, ඊට අත්සන් තැබුවේ, 1991 වසරේදීයී.

ලොව පුරා පුළුල් ප්‍රදේශයක විසිර, පැතිර පවතින තෙත්බිම් මගින් මිනිසා ඇතුළු ජීවීන්ට සහ මිහිතලයේ පැවැත්මට ලබාදෙන දායකත්ව සැලකිල්ලට ගෙන මෙසේ ලෝක තෙත් බිම් දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර, එහි මුඛ්‍ය අරමුණ අනාගතය උදෙසා තෙත් බිම් සංරක්ෂණය කිරීමයි.