කහටගස්දිගිලිය, කොක්එඹේ ප්‍රදේශයේදී ඊයේ (23) දින ගසක් මත ඉදිකර තිබූ පැලකට නැගීමට සවිකර තිබූ ඉණිමග කඩා වැටීමෙන් පුද්ගලයෙකු ඉන් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මරණකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බවට කහටගස්දිගිලිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 69 ක් වූ මහපොතාන, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කහටගස්දිගිලිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
