ජනපති අද (27) අනුරපුරට

හිමිකම නිදහස් ප්‍රදානපත්‍ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහන අනුරාධපුරයේදී අද (27) ආරම්භ වනවා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රදානත්වයෙන්.

ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසරපත්‍ර සහ දීමනාපත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විදින ජනතාවට ඒවායේ පරම අයිතිය ප්‍රදානය කිරීම මෙහි අරමුණයි.

මෙම ඉඩම්වල පරම අයිතිය නොමැතිවීමෙන් අදාල භූමිය මානව හා සංවර්ධන අවශ්‍යතා වලට යොදාගැනීමේදීත් එම භූමි ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලු මතුව තිබුණා.

ඒ අනුව දැනට නිකුත් කර ඇති අවසරපත්‍ර හා දීමනාපත්‍ර වල කොන්දේසි ඉවත්කර රජයේ ඉඩම් ආඥා පනතට අනුකූලව නිදහස් ප්‍රදානපත්‍රයක් ලබාදීමට කටයුතු කෙරෙනවා.

ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසරපත්‍ර හා දීමනාපත්‍ර සදහා හිමිකම් නිදහස් ප්‍රදානපත්‍රය පිරිනැමෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් 500 දෙනෙකුට හිමිකම් නිදහස් ප්‍රදානපත්‍ර හෙට බෙදාදීමට නියමිතයි. ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙනු ඇත.