සියලුදෙනා එක්ව රාජ්‍ය සේවයේ බිඳවැටුණු අභිමානය යළි ගොඩනැංවිය යුතු බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා. වත්මන් රජය ඒ සඳහා ඉදිරි පියවර රැසක් ගෙන ඇති බව ඊයේ පල්ලෙකැලේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා කියාසිටියා.
අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා මෙහිදී කුණ්ඩසාලේ පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ පවතින කාර්යාල නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වුණා. එය සංවිධාන කරන ලද්දේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින්. මධ්‍යම පළාත් සභාවේ කටයුතු හා සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ගැටලුසම්බන්ධවද මෙහිදි අවධානය යොමු කෙරුණා. මීට සමගාමීව මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ පවතින කාර්යාලයන්හි සේවයේ නිරත නිලධාරින් හා ආණ්ඩුකාරවරයා සහ අමාත්‍යවරයා අතර හමුවක්ද පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වුණා.සියලුදෙනා එක්ව රාජ්‍ය සේවයේ බිඳවැටුණු අභිමානය යළි ගොඩනැංවිය යුතු බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා. වත්මන් රජය ඒ සඳහා ඉදිරි පියවර රැසක් ගෙන ඇති බව ඊයේ පල්ලෙකැලේ පැවති වැඩසටහනකින් අනතුරුව අමාත්‍යවරයා කියාසිටියා.
අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා මෙහිදී කුණ්ඩසාලේ පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ පවතින කාර්යාල නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක් වුණා. එය සංවිධාන කරන ලද්දේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින්. මධ්‍යම පළාත් සභාවේ කටයුතු හා සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය මෙන්ම ගැටලුසම්බන්ධවද මෙහිදි අවධානය යොමු කෙරුණා. මීට සමගාමීව මධ්‍යම පළාත් සභා ගොඩනැගිල්ලේ පවතින කාර්යාලයන්හි සේවයේ නිරත නිලධාරින් හා ආණ්ඩුකාරවරයා සහ අමාත්‍යවරයා අතර හමුවක්ද පළාත් සභා ශ්‍රවණාගාරයේදි පැවැත්වුණා.
