රයිගම් ටෙලීස් 2025 නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ සන්ධ්‍යාව ඊයේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා.
එහිදී, ජාතික රූපවාහිනිය වෙනුවෙන් නිර්දේශිත නාම 48 ක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, වැඩිම නිර්දේශිත නාම සංඛ්‍යාවක් හිමිකර ගත්තේ ද ජාතික රූපවාහිනිය වීම විශේෂත්වයක්.
උත්සවය පැවැත්වුණේ ප්‍රවීණ කලාකරුවෙකු වන ආචාර්ය රෝහණ වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
විවිධ අංශයන්හි නිරත කලාකරුවන් සහ මාධ්‍යවේදින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.
මාධ්‍ය විශිෂ්ටතා සම්මාන කාණ්ඩය යටතේ පුෂ්පික පීරිස් අධ්‍යක්ෂණය කළ සහ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “ටියුෂන්” ළමා වැඩසටහන වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනට හිමි සම්මානය සඳහා මෙහිදී නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන සඳහා වූ රයිගම් සම්මානයට නිර්දේශ වූයේ, ජාතික රූපවාහිනියේ විකාශය වූ සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර අධ්‍යක්ෂණය කළ “ක්‍රීඩා විසිතුරු” වැඩසටහනයි.
වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන සඳහා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ වැඩසටහන් දෙකක් නිර්දේශ වුණා. ඒ, ලසන්ත රුමේෂාන් තිලකසිරි අධ්‍යක්ෂණය කළ “ස්මාර්ට් ඇග්‍රෝ” සහ තරංගි අතුරලිය අධ්‍යක්ෂණය කළ “ජාතික පාසලයි”.
ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ චින්තක අනුරුද්ධ පෙරේරා අධ්‍යක්ෂණය කළ “පියුම් නීලවිල” නිර්දේශ වූයේ, වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන සඳහායි.
ජාතික රූපවාහිනියේ විකාශය වූ බුද්ධික සම්පත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “කිරිල්ලියෝ 2” ටෙලි නාට්‍යය වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬ කැවීම වෙනුවෙන් නිර්දේශ වුණා.
ජාතික රූපාවාහිනිය ඔස්සේ විකාශය වූ වාර්තා වැඩසටහන් දෙකක් වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන සඳහා නිර්දේශ වී තිබෙනවා. ඒ, පූජිත දිසානායක අධ්‍යක්ෂණය කළ “කැස්බෑවන් රැකගැනීමේ වගකීම අපේය” සහ විරාජ් ධමර්දාස අධ්‍යක්ෂණය කළ “පුස්කොල ලිවීම” යන වාර්තා වැඩසටහන් දෙකයි.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන සඳහා ජාතික රූපාවාහිනිය ඔස්සේ විකාශය වූ තරංගි අතුරලිය අධ්‍යක්ෂණය කළ “සුක්කානම” නිර්දේශ වුණා.
ජාතික රූපාවාහිනියේ අනෝමා විරසේකර අධ්‍යක්ෂණය “රිද්ම” වැඩසටහන නිර්දේශ වී තිබෙන්නේ, වසරේ විශිෂ්ටතම රූපවාහිනි කථිකා වැඩසටහන සඳහායි.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක-නිවේදිකා දමිළ සම්මානය සඳහා නේත්‍රා ටීවි හි තකීෂන් සිවරාජා, මරියජයමන් සහ නාගරත්නම් දීබදර්ශනී යන තිදෙනා නිර්දේශ වී සිටිනවා.
චැනල් අයි නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදක නිකෙත් කරුණාරත්න සහ ෂෙවෝන් පෙරේරා වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක-නිවේදිකා ඉංග්‍රීසි සම්මානය සඳහා නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රේෂක-සම්ප්‍රවේශිකා සිංහල සම්මානය සඳහා නිර්දේශ වී සිටින්නේ, ජාතික රූපවාහිනියේ සමිත ප්‍රසන්න ආරච්චිගේ.
නේත්‍රා ටීවි හි යුවරාජා ගෝකුල් නිරන්ජන් සහ සෙල්වරාජා රූශාන්තප්‍රියා වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක- සම්ප්‍රවේශිකා දමිළ සම්මානයට නිර්දේශ වී සිටිනවා. චැනල් අයි නාලිකාවේ ශරීෆා තාහිර් නිර්දේශ වූයේ වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක-සම්ප්‍රවේශිකා ඉංග්‍රීසි සම්මානය සඳහායි.
ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන කාණ්ඩය යටතේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය සඳහා වූ සම්මානයට ජාතික රූපවාහිනියේ විකාශය වූ සිටුවර පුවත ටෙලි නාට්‍යය වෙනුවෙන් චන්දන ප්‍රියංකර නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය සඳහා වූ සම්මානයට නිර්දේශ වූයේ, “සිටුවර පුවත” ටෙලි නාට්‍යයේ කැමරාකරණය වෙනුවෙන් සිසිකිරන පරනවිතානයි.
ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “ද ලේක්” ටෙලි නාට්‍යයේ කැමරාකරණය වෙනුවෙන් චින්තක සෝමකීර්ති එම කාණ්ඩයෙන්ම සම්මාන සඳහා නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය සඳහා වූ සම්මානයට ජාතික රූපාවාහිනියෙන් විකාශය වූ “ද ලේක්” ටෙලිනාට්‍ය වෙනුවෙන් නාමල් සමරතුංග නිර්දේශ වී සිටිනවා.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ නිර්දේශිත නාමයන් ත්‍රිත්වයම හිමිකර ගත්තේ ජාතික රූපවාහිනියයි.
ඒ “සිටුවර පුවත” ටෙලිනාට්‍ය වෙනුවෙන් චින්තක ජයකොඩි, ද ලේක් ටෙලිනාට්‍ය වෙනුවෙන් විදූ කහපලආරච්චි, ගයාන් අමරසූරිය, දිල්හාර නන්දසිරි සහ ඉරගිනි මද්දහන ටෙලි නාට්‍ය වෙනුවෙන් දර්ශන රුවන් දිසානායකයි.
ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ “සීසෝ” ටෙලිනාට්‍යයේ “රැල්ල බිදෙනවා හුස්ම ගිනින මුහුදේ” ගීතය රචනාකළ කළණ ගුණසේකර වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය සඳහා නිර්දේශ වුණා. එම කාණ්ඩයෙන්ම ජාතික රූපාවාහිනියේ විකාශය වූ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ “ආලකදුලත් බරවෙච්චි” ගීතය රචනා කළ සපුනි මුතුකුට්ටි නිර්දේශ වී සිටිනවා.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත ගායකයා සඳහා නිර්දේශිත නාම දෙකක් ද ජාතික රූපවාහිනියට හිමිවුණා. ඒ ඉර හැංගිලා ටෙලි නාට්‍යය වෙනුවෙන් අමරසිරි පීරිස් සහ සීසෝ ටෙලි නාට්‍ය වෙනුවෙන් ගිහාන් බණ්ඩාරයි.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව සඳහා වූ නිර්දේශිත නාම දෙකක් ද හිමි වූයේ, ජාතික රූපවාහිනියටයි. ඒ ඉර හැංගිලා ටෙලි නාට්‍යය වෙනුවෙන් ප්‍රසාදිනි යශෝද්‍යා සහ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍ය වෙනුවෙන් සියුමිනි ඔපයංගි.
වසරේ නැගීඑන ටෙලිනාට්‍ය නළුවා සඳහා ජාතික රූපාවහිනියේ විකාශය වූ සීසෝ ටෙලි නාට්‍යය වෙනුවෙන් දිලුම් විජේසිංහ නිර්දේශ වුණා.
වසරේ නැගීඑන ටෙලිනාට්‍ය නිළිය සම්මානයට ජාතික රූපාවාහිනියේ විකාශය වූ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍ය වෙනුවෙන් ටාෂි සිරිවර්ධන නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සහය නළුවා සඳහා නිර්දේශිත නාම දෙකක් ද ජාතික රූපවාහිනිය හිමිකර ගත්තා. ඒ ද ලේක් ටෙලි නාට්‍ය වෙනුවෙන් ෂේවියර් කණිෂ්ක සහ අමුතු දොස්තර ටෙලි නාට්‍ය වෙනුවෙන් සම්පත් පෙරේරායි.
වසරේ විශිෂ්ටතම සහය නිලිය සඳහා “ද ලේක්” වෙනුවෙන් චමත්කා ලක්මිනි නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නලුවා සම්මානයට ජාතික රූපවාහිනියේ විකාශය වූ සිටුවර පුවත ටෙලි නාට්‍යය වෙනුවෙන් රොෂාන් රවීන්ද්‍ර සහ “ද ලේක්” ටෙලි නාට්‍ය වෙනුවෙන් සෞම්‍ය ලියනගේ නිර්දේශ වී සිටිනවා.
ජාතික රූපාවාහිනියේ විකාශය වූ ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යය වෙනුවෙන් තරින්දි ප්‍රනාන්දු වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය සඳහා නිර්දේශ වුණා.
සුසිත් විජේමුණි සහ දිල්ෂිකා රාජපක්ෂ ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ අමුතු දොස්තර ටෙලිනාට්‍ය වෙනුවෙන් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් ද ජාතික රූපාවාහිනියට නිර්දේශිත නාමයන් දෙකක් හිමියි. ඒ “ද ලේක්” වෙනුවෙන් දනුෂ්ක රේමන්ඩ් සහ ඉරගිනි මද්දහන ටෙලි නාට්‍ය වෙනුවෙන් ලලිත් රෝහිත එදිරිසිංහ.
ජාතික රූපාවහිනියේ විකාශය වූ සහෝදරයෝ ටෙලිනාට්‍ය වෙනුවෙන් දිලුක ප්‍රසාද් ගුණතිලක සහ ආවේශය ටෙලිනාට්‍ය වෙනුවෙන් අතුල පීරිස් වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍ය වෙනුවෙන් නිර්දේශ වුණා.
වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සඳහා නිර්දේශිත නාම දෙකක් ද ජාතික රූපවාහිනියට හිමි වූ අතර, ඒ “ද ලේක්” ටෙලි නාට්‍ය වෙනුවෙන් සේමිනි ඉද්දමල්ගොඩ, අතුල ඉද්දමල්ගොඩ සහ සිටුවර පුවත ටෙලි නාට්‍ය වෙනුවෙන් චන්දන ලියනගුණවර්ධනයි.
