අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අද උදෑසන ඉරානයේ ටෙහෙරාන් අගනුවර සහ තවත් ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් සිදුවූ බවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝවක සඳහන් වන්නේ ඉරානයට එරෙහිව දැවැන්ත යුද මෙහෙයුමක් ආරම්භ කළ බවයි. ඉරාන මිසයිල වැඩසටහනට එරෙහිව මෙය ක්‍රියාත්මක කරන බව, ඔහු පෙන්වා දෙනවා. එම වීඩියෝව මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉරාන මිසයිල පද්ධතිය බිමට සමතලා වනතුරු මෙම ප්‍රහාර සිදුකරන බවයි.
එමෙන්ම ඇතිවිය හැකි ඉරාන ප්‍රහාරයක් වළක්වා ගැනීමේ අරමුණින් ටෙහෙරානයට පහරදුන් බව, ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ප්‍රහාරය වෙනුවෙන් රටතුළ සියලු අංශ සීරුවෙන් තබා ඇති බවයි. ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ. කෙසේ වුවද ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමෙයිනි ගේ ටෙහෙරාන් අගනුවර පිහිටි කාර්යාලය අසලටම ප්‍රහාර එල්ල වී ඇති බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
