දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කළා.
අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනු කර තිබෙනවා.
2007 වසරේ ජනවාරි මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ මිහින් ලංකා ගුවන් සමාගමට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර ගුවන් යානයක් බදු පදනම යටතේ ලබා ගැනීම තුළින් රජයට පාඩු සිදුකිරීම ඇතුළු චෝදනා 04 ක් යටතේ අල්ලස් කොමිසම විසින් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම අධි චෝදනා ගොනු කර තිබුණා.
එම ක්රියාවලිය තුළින් බෙස්ට් එයාර් ලයින්ස් සමාගමට වාසියක් සැලසීම තුළින් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.
