මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ දෛනික සේවා කළමනාකරණයට රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, සෑම සතියකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.
රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
ජාත්‍යන්තර පාසල් සඳහා ද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවයි අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා සඳහන් කළේ.
මේ අතර, සතියේ සෑම බදාදා දිනකම පෙර පාසල් නොපැවැත්වීමට ද උපදෙස් ලබා දී ඇති බව ද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පැවසුවා.
