ආචාර්ය හරිනි අමරසූරිය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තුවේදි පැවැත්වුණා
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් වැඩපිළිවෙළේ පවතින විධිවිධාන මධ්‍යයේ තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදි මුහුණදෙන ප්‍රායෝගික දුෂ්කරතා පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් මෙහිදි අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළා
මෙම ගැටළුව විසඳීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක අවශ්‍යතාව පිළිබඳව අදහස් හුවමාරු කර ගැනුණා
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා
.
