රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතා වැදගත් මානුෂීය සහ සමාජීය පණිවිඩ රැසක් රැගෙන එන්නක්
මෙම සැමරුමේ මුදුන් අර්ථය බැතිතුමන්ගේ හදවත්තුළ සහකම්පනය රෝපනය කිරීමයි.
අනෙකාගේ කුසගින්න එහි වේදනාව තමන්ගේ අත්දැකීමක් කරගනිමින් සහකම්පනීය සහ සහෝදර හැගීමෙන් අනෙකාව වැළද ගැනීමට නොපැකිලෙන පුද්ගලයින් ගොඩනැගීමයි
ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුළුණු 5න් එකක් වන රාමසාන් උපවාසය පිළිඹිඹු කරන්නේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය සහිත පරමාදර්ශී පිළිවෙතක පිහිටුවීමේ වැදගත්කමයි.
මෙවර ඊදුල් ෆිතර් උත්සවය සමරන්නට සිදුව ඇත්තේ සමස්ත ලෝකයම දුෂ්කර සහ අභියෝගකාරී තත්වයක මුහුණ දී සිටින අවස්ථාවක බැවින් මෙම රාමසාන් මාසයේ පිරූ වත්පිළිවෙත් සහ යාඥාවේ ආශිර්වාදයෙන් මෙම තත්වය කඩිනමින් පහවගොස් සියලු දෙනා අපේක්ෂා කරන සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරකින,සාමය සෞභාග්‍ය පිරි සහජීවී ලෝකයක් බිහිවේවායි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය රාමසාන් දින පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරනවා
.
