තෙල් නැව් එන දවස්


මෙරට දෛනික ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 35ක් පමණ නිෂ්පාදනය කරනු ලබන්නේ දේශිය පිරිපහදුව මගින්.
එබැවින් බොරතෙල් සැපයුමෙහි අඩාල වීමක් සිදුවුවහොත් එය දැඩි බලපෑමක් එල්ල කරන්නක්.


බොරතෙල් නෞකා දෙකක් අවලංගු වීම හේතුවෙන් ඇතිවු හිස්තැන පියවීමට පිරිපහදු කළ ඉන්ධන ආනයනය ප්‍රමුඛතම විකල්පය ලෙස රජය විසින් තෝරාගනු ලැබුවා.


ඒ අනුව නව ටෙන්ඩර් ක්‍රියාවලිය යටතේ විවිධ ඉන්ධන වර්ග සඳහා ඇනවුම් ලබාදී තිබෙනවා.
ඒ යටතේ ඩීසල් රැගත් පළමු නෞකාව අප්‍රේල් 6 සහ 7 දිනවල පැමිණීමට නියමිතයි.

ඩීසල් දෙවැනි නෞකාව අප්‍රේල් 7 සහ 8 දිනවලද ,ගුවන් යානා ඉන්ධන අප්‍රේල් 10 සහ 11 යන දිනවලද, දැවි තෙල් අප්‍රේල්12, 13 සහ පෙට්‍රල් අප්‍රේල් 16 සහ 17 යන දිනවලද පැමිණීමට නියමිතයි