ඉන්ධන කෝටාව අද රාත්‍රියේදී වෙනස් වේ

QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව අද රාත්‍රියේදී වෙනස් වේ. එසේ වෙනස් වීමේ දී , ඉන්ධන කෝටාවේ එක් එක් වාහනය සඳහා ලබා දෙන ඉන්ධන ප්‍රමාණයද පහත පරිදි සංශෝධනය කොට ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

 වාහන වර්ගය පෙර ලබා දුන් ඉන්ධන ප්‍රමාණය (ලීටර)නව ඉන්ධන ප්‍රමාණය (ලීටර) ඉන්ධන ප්‍රමාණය වැඩිවීම (ලීටර)
1කාර් රථ (Car  )152510
2ත්‍රී රෝද රථ (3Wheel)15205
3වෑන් රථ (Van)405010
4ලොරි රථ (Lorry)2002000
5බයිසිකල (Bike)583
6බස් රථ (Bus)6010040
7Quadricycle583
8විශේෂ කාර්ය වාහනය (Special Purpose Vehicle)40400
9ඉඩම් වාහනය (Land Vehicle)254015