”රටම එකට” මෙහෙයුමට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 920ක් දැලට

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් ආරම්භ කර ඇති ”රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ගතවු දිනයේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 920 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වැටලීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 151 සහ අයිස් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 339ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලීසිය පවසනවා.

එම මෙහෙයුමේදී පුද්ගලයින් 13 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර පුද්ගලයින් 17 දෙනෙකු පුනුරුත්තාපනය සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.