මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පිලිපීනය ජාතික බලශක්ති හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එවැන්නක් ප්‍රකාශයට පත් කළ ලොව පළමු රට පිලිපීනයයි.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් පැවසුවේ රටට ඉන්ධන ලබා ගැනීමේ අපහසුතාව හේතුවෙන් මෙම තීරණය ගත් බවයි. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇතිවූ ගෝලීය බලශක්ති අර්බුදයෙන් ලොව රටවල් රැසකම අර්බුදයක් මතුවී තිබෙනවා. පිලිපීනය සිය තෙල්වලින් 98% ක් ගල්ෆ් කලාපයෙනුයි ආනයනය කරන්නේ.
මාකෝස් කියා සිටියේ මෙමගින් බලශක්ති ස්ථාවරත්වය සහතික කිරීම සහ ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නීතිමය බලය ලබා දෙන බවයි. ඉන්ධන, ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ක්‍රමානුකූලව බෙදා හැරීම අධීක්ෂණය කිරීම සඳහා කමිටුවක්ද පත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම හදිසි තත්වය ඉවත් නොකළහොත් එය වසරක් සඳහා ක්‍රියාත්මක වනු ඇති.
