රුපියල් කෝටි 6කට ආසන්න වටිනාකමකින් යුත් මත් කරල් අටලක්‍ෂ හැටතුන්දහසකට අධික තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඒ, කල්පිටිය රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත නාත්තන්ඩිය – දංකොටුව ප්‍රධාන මාර්ගයේ කොට්ටරම්මුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී.
ඒවා ප්‍රවාහනයට යොදාගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ද සිය භාරයට ගත් බවයි කොස්වත්ත පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේ සැකකරුවන් පළා ගොස් තිබෙනවා.
ලොරිය පරීක්‍ෂා කිරීමේදී පෙට්ටි 12 ක ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ මෙම මත් කරල් තොගය සොයා ගැනුණා.
කරවල ප්‍රවාහනය කරන මුවාවෙන් ඒවා කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබී ඇති බවයි පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ.
අධි මාත්‍රා සහිත මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශ මතයි භාවිතයට ගැනෙන්නේ.
