රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට

රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් සහ දූත පිරිස අද දිවයිනට පැමිණියා.

ඒ ඛණිජතෙල් හා ගල් අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහායි.

රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා ඇති සම්බාධක අමෙරිකාව විසින් ඉවත් කිරීමත් සමග මෙරටට ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු හුවමාරු කර ගැනීමට නියමිතව ඇත.