හිස්බුල්ලා සංවිධානය නිරායුධ වනතෙක් ලෙබනනයට අඛණ්ඩව පහර දෙන බවට, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අනතුරු අගවනවා. ඔහු අවධාරණය කරන්නේ, හිස්බුල්ල සංවිධානය ප්‍රහාර නතර නොකළහොත් ලෙබනනයට ස්ථාවරත්වය අහිමි වනු ඇති බවයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය “ඊශ්‍රායල් කැට්ස්”ගේ එම ප්‍රකාශයෙන් හිබුල්ලා සංවිධානය, ඊශ්‍රායලය සඳහා ප්‍රහාර ඉදිරියටත් සිදු කළහොත් ලෙබනනයේ බේරූට් අගනුවර ඇතුළු නගර වෙත ගුවන් ප්‍රහාර අඛණ්ඩව සිදු කෙරෙන බවට තහවුරු කරන්නක්. ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රි දකුණු බේරූට් නුවර වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, ඔහු මෙම අනතුරු ඇඟවීම සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාරවල ඉලක්කය වූයේ හිස්බුල්ලා සංවිධානයට අයත් ඩ්‍රෝන කර්මාන්ත ශාලා බවයි, වාර්තා වන්නේ. ලෙබනනයේ මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි කිහිපයකට අලාබ හානි සිදු වූ බවයි. ප්‍රහාර එල්ල කරන ලද ස්ථාන සහ ගොඩනැගිලිවල ඩ්‍රෝන පහසුකම් හෝ නිෂ්පාදන මධ්‍යස්ථාන ඇති බවට ඊශ්‍රායල කරන චෝදනා හිස්බුල්ලා සංවිධානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නොවැම්බර් මාසයේ දී හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල අතර ඇති වූ සටන් විරාමයකින් පසු දකුණු බේරූට් වෙත එල්ල වූ සිව්වන ප්‍රහාරය මෙයයි
