කුමන ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි, කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේ නමක් අනපේක්ෂිත ලෙස ඊයේ කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී තිබෙනවා.
උන්වහන්සේ මෙරටට වැඩම කර සිට ඇත්තේ චෙක් රාජ්‍යයේ සිටයි.
වයස අවුරුදු 40 ක් වූ මෙම ස්වාමින් වහන්සේ කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයට වැඩම කර ඇත්තේ 2020 වසරේදි.
උන් වහන්සේ බඹරගස්තලාව අධිවිවේකී ගල්ලෙන තුල වසරක පමණ කාලයක් වැඩසිටි බවයි වාර්තා වන්නේ.
මිනිස් වාසයෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකළ උන්වහන්සේ දානය සඳහා පමණක් ඉන් බාහිරට වැඩම කර තිබෙන අතර, අද උදෑසන එලෙස දානයට වැඩම නොකිරීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදි උන්වහන්සේ කොටියෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් අපවත් වී ඇති බවට සොයාගැනීමට හැකිවුණා.
උන්වහන්සේ මෙම අනපේක්ෂිත විපතට මුහුණ පා ඇත්තේ වැඩසිටි ගල්ලෙන තුලදීම බවද වාර්තා වනවා.
