කුමන ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි කුඩුම්බිගල තපෝවනය ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී කොටියෙකුගේ ප්‍රහාරයට ලක් වීමෙන් අපවත් වූ ස්වාමීන් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සදුදා සවස 3.00 ට සිදුකිරීමට නියමිතයි. ඒ අම්පාර බුද්ධංගල තපෝවනයට ආසන්න පොදු සුසාන භූමියේදී.
වයස අවුරුදු 40 ක් වූ මෙම ස්වාමීන් වහන්සේ චෙක් රාජ්‍යයේ සිට කුඩුම්බිගල තපෝවන ආරණ්‍ය සේනාසනයට වැඩම කර ඇත්තේ, 2020 වසරේ දී. විදෙස් ජාතික ස්වාමින් වහන්සේ නමක් වූ උන්වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු මෙරටදී සිදුකිරීමට තීරණය කර තිබෙන්නේ ආරණ්‍ය සේනාසනයේ මහා සංඝරත්නය සහ ස්වාමින් වහන්සේගේ පවුල් සාමාජිකයින් සිදුකල සාකච්ඡාවකින් අනතුරුවයි.
බඹරගස්තලාව අධිවිවේකී ගල්ලෙන තුළ වසරක පමණ කාලයක් වැඩ සිටි උන්වහන්සේ මිනිස් වාසයෙන් වෙන් වී හුදෙකලා ජීවිතයක් ගතකර තිබෙනවා.
උදේ දානයට වැඩම නොකිරීම නිසා සිදුකළ සොයා බැලීමකදී, උන්වහන්සේ කොටියෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් අපවත් වී ඇති බවට සොයා ගැනීමට හැකි වුණා. උන්වහන්සේ මෙම අනපේක්ෂිත විපතට මුහුණ පා ඇත්තේ, වැඩ සිටි ගල්ලෙන තුළදීම බවට ද වාර්තා වුණා.
